உலகம்

ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකේය අන්‍යතාවයෙන් යුත් රසවත් ආහාර සමඟින්  නව ගුවන් ගමනක් අරඹයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය SriLankan Flavours’ යන තේමාව යටතේ සිය ආහාර මෙනුව සඳහා ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුතු රසවත් මෙන්ම ප්‍රියජනක නව ආහාර වර්ග පෙළක් එළිදක්වන ලදී.

මෙම ආහාර වට්ටෝරුව ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ පියාසර කරන ගුවන් මගීන්ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ව්‍යාපාරික පන්තියේ විවේකාගාරවල දී ලබා ගත හැකිවේ.

පරම්පරාවෙන් පැවත එන සූපශාස්තු සම්ප්‍රදායන් මත පදනම්ව, ආහාර වේලෙහි ඇතුළත් වන අමුද්‍රව්‍යවල පෝෂණය සහ ඖෂධීය ගුණයට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකේය ආහාර ගෝලීය සංචාරකයා වෙත ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණයි.

නව කෑම වට්ටෝරුව සිත් ඇදගන්නා සුළු අයුරින් සකස් කර තිබේ. ඊට ප්‍රධාන අහාර වේල්, පරා මාළු ව්‍යාංජනය, බිත්තර රොටි සහ බැදපු ඉස්සන් ඇතුළත් වේ.

තවද සම්ප්‍රදායික ව්‍යාංජන සහිත දුන්තෙල් බත්,කුරුළු තුඩ බත් සමග කුකුල් මස් ගම්මිරස් ව්‍යාංජනය සහ දේශීය එළවළු ව්‍යාංජන පිළිගන්වනු ලැබේ.

මෙම අද්විතීය ශ්‍රී ලාංකීය ප්‍රධාන වර්ගවලට අමතරව කිරිහොදි, කඩලව්‍යංජනසහලුණුමිරිස්සමඟපිට්ටුසහලැම්ප්රයිස් පිළිගන්වා තිබේ.

ඊට අමතරව ලැවරියා,වරකා,කිරි වැනි රසවත් අතරුපසක් රස විඳීමට අවස්ථාව තිබේ. ඊට අමතරව ප්‍රතිශක්තිය වැඩි කරන පාන වර්ග වන තැඹිලි සහ මඳය, දේශීයපිපිඤ්ඤාසහමීපැණි සහ අන්නාසි සහ කෝමාරිකා පානයද මෙම නව ආහාර මෙනුවට ඇතුලත් කර තිබේ.

එසේම නව ආහාර වට්ටෝරුව තුළ පෝෂක ඛනිජ ලවණ ආහාර සහ කුරක්කන් මෙන්ම ඉඟුරු,කුරුඳු, කරපිංචා, කරාබු නැටි වැනි දේශීයව ලබා ගන්නා අමුද්‍රව්‍ය වලින් ලැබෙන සුව ගුණ වලින් පිරී ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවට පමණක් උරුම වී ඇති සහල් වර්ගයක් වන කුරුළුතුඩ සහල් ද මෙයට එකතු කර ඇත. විශ්වාසදායක, සියවස් ගණනක් පැරණි දේශීය වට්ටෝරු සහ ඉවුම් පිහුම් ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර අත්දැකීම්වලටම ආවේණික රසයන්, මෙම ව්‍යාංජන සඳහා මිශ්‍ර කර ඇත.

එමනිසා, සෑමආහාරයක්ම රසයෙන්පමණක්නොව, පෝෂණගුණයෙන්පිරීඇතිඅතර, එමගින්සෞඛ්‍යගැනසැලකිලිමත්වනසංචාරකයින්සඳහාමෙය කදිම විකල්පයකි.

ශ්‍රීලංකන්ගුවන්සේවයේප්‍රධානවිධායකනිලධාරීරිචඩ් නටාල් මහතාමෙසේ පැවසීය, “ ශ්‍රී ලංකාවට ආවේනික රසයන් අපගේ ගුවන් ගමන් ආහාර සඳහා හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා.

ඊට අමතරව ගෝලීය සංචාරකයින්ට දිවයිනේ සාම්ප්‍රදායික ප්‍රණීත ආහාර පිරිනැමීමෙන් ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍රසංස්කෘතියප්‍රවර්ධනයකිරීමටත් ඒවා ආරක්ෂා කිරීමටත් අපි උදව් කරනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

‘SriLankan Flavours.’

ප්‍රචාරණව්‍යාපාරයසියගනුදෙනුකරුවන්ටඋසස්සහවිශිෂ්ටලෙසශ්‍රීලාංකේයගුවන්ගමන්අත්දැකීමක්ලබාදීමේඅරමුණින්ගුවන්සේවයේසිදුකරනබොහෝමුලපිරීම්වලින්එකක්පමණි.

විශේෂයෙන්මශ්‍රීලාංකේයආහාරපිසීමආරම්භයේසිටමශ්‍රීලංකන්ගුවන්සේවයේගුවන්ගමන්නිෂ්පාදනයේකොටසක්වීතිබේ.  ගුවන්ගමන්වලනිරතවනසංචාරකයින්ඔවුන්ගමන්කරනවිටගුවන්සමාගමටආවේනිකවූශ්‍රීලාංකීයආහාරවේලක්අපේක්ෂාකරති.ශ්‍රීලංකන්ගුවන්සේවයේපියාසරකරනසෑමවිටමමගීන්ඔවුන්ගේගුවන්ගමන්මෙනුවේශ්‍රීලාංකීයආහාරවිකල්පයක්දැකීමටත්, ශ්‍රීලංකාආහාරරසවිඳීමටත්අපේක්ෂාකරයි.

ශ්‍රීලංකන්සියගුවන් යානය තුළ සේවාවසඳහාවිවිධවැඩිදියුණුකිරීම්අඛණ්ඩවහඳුන්වාදෙනඅතරම,  විශේෂයෙන්ම ශ්‍රීලාංකීයආහාරවිකල්පකාලයාගේඇවෑමෙන්පුළුල්වීමටනියමිතයි.අවසානවශයෙන්, ගුවන්සේවයේඅපේක්ෂාවවන්නේසහජයෙන්මගෝලීයවශයෙන්උසස්අත්දැකීමක්ලබාදීමෙන්තමවිශ්වාසවන්තගනුදෙනුකරුවන්සතුටුකිරීමයි.

සිංගප්පූරුවේපැවති 2023 APEX Passenger Choice Awards®   සම්මානඋළෙලේදීදකුණුආසියාවේවිශිෂ්ටතමගුවන්සේවාආහාරපානසහආසනපහසුව (for Best Food & Beverage and Best Seat Comfort)  සඳහාවූසම්මානයෙන්ශ්‍රීලංකන්ගුවන්සේවයපසුගියදාපිදුම්ලැබීය.

 

 

 

 

 

 

 

‘SriLankan Flavours.’

 

 

 

Hot Topics

Related Articles