உலகம்

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය – ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇ.ඩො. මිලියන 500ක ණය රේඛා ගිවිසුමක්

ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (එක්සිම් බැංකුව) සහ ශ්‍රී ලංකා රජය ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇ. ඩො. මිලියන 500ක ණය රේඛා ගිවිසුමක් 2022 පෙබරවාරි 02 වන දින ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තැබීය.

  1. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඉන්දීය පාර්ශවය වෙනුවෙන් එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී ගෞරව් භණ්ඩාරි මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.
  2. ශ්‍රී ලංකා රජයේ හදිසි අවශ්‍යතාවය සඳහා ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය ඇ.ඩො. මිලියන 500ක ණය රේඛා පහසුකමක් හරහා ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දුන්නේය. කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අතර 2022 ජනවාරි 15 වන දින අන්තර්ජාලය ඔස්සේ පැවති හමුවෙන් අනතුරුව මෙම තීරණාත්මක සහය ලබා දීමට තීරණය කෙරිණ.
  3. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ දිගු කාලීන සහකරුවා වශයෙන් ඉන්දියාව පශ්චාත් කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා සහය දැක්වීමට කැප වී සිටියි. මෙම ණය රේඛා ගිවිසුම අත්සන් තැබීම අපගේ ද්විපාර්ශවික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් වේ. එසේම, එය ඉන්දියාව විසින් මෑතකදී ශ්‍රී ලංකාවට ලබා දුන් ඇ. ඩො. මිලියන 900කට අධික විදේශ විනිමය සහයෝගය ඉදිරියටත් පවත්වාගෙන යාමකි. මෙම පියවර මුදල් අමාත්‍යතුමා විසින් 2021 දෙසැම්බර් මස සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර දෙපාර්ශවය විසින් සිදු කරන ලද සාකච්ඡාවන්ට අනුකූල ය.මෙම සහයෝගය සමඟ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන සහයෝගය ඇ. ඩො. බිලියන 4කට ආසන්න වේ.

 

 

Hot Topics

Related Articles