உலகம்

කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියා රජය එක්වී ශ්‍රී

කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්යන්තර මූල් සංස්ථාව සහ ඕස්ට්රේලියා රජය එක්වී ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ වෘත්තීය කාන්තාවන් වෙනුවෙන් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල පවත්වයි

 

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී පසුගියදා විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and Career Women Awards) උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙක් ඇගයීමට ලක්වූහ.

මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ 11 වන වරට වන අතර, හෝටල් හා සත්කාරක සේවා, බැංකු හා මූල්‍ය සේවා, කාර්ය සම්පාදන හා සැපයුම් දාම, ව්‍යවසායකත්ව, ජනමාධ්‍ය, සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින්, සමාජයට ආදර්ශයක් වූ කාන්තාවන් පිරිසකට මෙහිදී සම්මාන පිරිනමන ලදි.  එමෙන්ම රැකියා ස්ථාන තුළ කාන්තාවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කළ සමාගම් හා ආයතනද මෙහිදී ඇගයීමට ලක්විය.

ආචාර්ය මහේෂි රාමසාමි (වසරේ ආදර්ශමත් වෘත්තීය කාන්තාව), මහාචාර්ය නදීරා කරුණාවීර (වසරේ ආදර්ශමත් කාන්තාව), අරුණි ගුණතිලක (වසරේ පුරෝගාමී කාන්තාව), රන්දුලා ද සිල්වා (වසරේ පෙරළියක් සිදු කළ කාන්තාව) සහ ආචාර්ය වජිරා චිත්‍රසේන (විනිශ්චය මණ්ඩලයේ සම්මානය) විසින් මෙම සම්මාන උළෙලේ ප්‍රධාන පෙළේ සම්මාන දිනාගන්නා ලදි. එදින පිරිනමන ලද සියලුම සම්මාන සහ එම සම්මානලාභීන් පිළිබඳ විස්තර පහතින් දක්වා තිබේ.

“2021 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල, අභියෝග ජයගැනීමේ හැකියාව, සුභවාදී දැක්ම, කැපවීම සහ වර්ධනය යනාදිය ඇගයීමට ලක් කළ සම්මාන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය COVID-19 වසංගතයේ තුන්වැනි වසරට අප එළඹී සිටින මේ මොහොතේ, මේ සම්මානලාභීන් අපට සිහිපත් කරන්නේ දුෂ්කරම කාලවල පවා දියුණුව සඳහා අවස්ථාවන් හා හැකියාවන් පවතින බවයි. එමෙන්ම පොදු යහපත වෙනුවෙන්, සම්මතයන්ට අභියෝග කරමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කාන්තාවන්ට ඇති හැකියාව එය අපට පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් ඉදිරියට පැමිණීමට මැළිකමක් දැක්වීම, අපට නිතර දකින්නට ලැබෙන දෙයක්. එහෙත් පසුගිය දශකයකට අධික කාලය තුළ, කාන්තාවන් අත්පත් කරගත් ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින්, එබඳු ජයග්‍රහණ හඹා යාමට අනෙකුත් කාන්තාවන්ද දිරිමත් කිරීමට, මෙම සම්මාන උළෙල විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.” කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ/ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා පැවසුවා ය.

මේ දක්වා 470 කට අධික පිරිසක් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල වලදී සම්මාන වලින් පිදුම් ලබා තිබේ. ව්‍යාපාරික/ආයතනික නායිකාවන්, කාර්ය මණ්ඩල සාමාජිකාවන්, ව්‍යවසායිකාවන් සහ, රටේ තිරසාර හා අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් උදෙසා නන් අයුරින් දායක වන අනෙකුත් කාන්තාවන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙම සම්මාන උළෙලේ සම-සත්කාරකත්වය දරන සත්වැනි වසර මෙයයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) වික්ටර් ඇන්ටනිපිල්ලේ මහතා පැවසුවේ, ශක්තිමත්ව නැවත නැගී සිටීමට නම්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම පාර්ශ්වයන්ට සමාන අවස්ථා හිමි විය යුතු අතර, කාන්තාවන්ට නිසි ප්‍රමුඛත්වය හිමි විය යුතු බවයි. එමෙන්ම ආර්ථිකයන්ට හා සමාජයන්ට වඩාත් ශක්තිමත් ලෙස නැවත නැගී සිටිය හැකි සාධාරණ පසුබිමක් නිර්මාණය කිරීමට සැමදෙනාම කැපවිය යුතු බව අවධාරණය කළ ඒ මහතා, ‘IFC-DFAT Women in Work’ වැඩසටහන සමගින්, වසංගත තත්ත්වය හමුවේ කාන්තාවන් ප්‍රදර්ශනය කළ ශක්තිමත් නායකත්ව ගුණාංග ඇගයීමට ලක්කිරීම මෙවර සම්මාන උළෙලේ ඉලක්කය වූ බව පැවසී ය.

“වසර ගණනාවක් පුරා මෙම සම්මාන උළෙල, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෙන්ම පොදු සමාජය තුළ ප්‍රමුඛ පෙළේ කාන්තාවන්ගේ නායකත්වයේ හා පුරෝගාමීත්වයේ බලය පෙන්වා දෙමින්, අනෙකුත් කාන්තාවන්ද එලෙස ඉදිරියට පැමිණීම සඳහා දිරිගන්වා තිබෙනවා. මෙවර පිරිනැමෙන සම්මාන, විශේෂයෙන්ම COVID-19 හේතුවෙන් මතු වූ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට සමත් වීම වෙනුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ට පිදෙන උපහාරයක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පැවසී ය.

මෙවර විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබාදෙන ලද්දේ Dialog ආයතනය විසිනි. Salota International සහ Singer රන් අනුග්‍රාහකයන් ලෙසද, Lanka IOC, Unilever, Vision Care සහ Aitken Spence රිදී අනුග්‍රාහකයන් ලෙසද කටයුතු කළ අතර, Maliban සහ සම්පත් බැංකුව එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේ ය.  උත්සවයේ ත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලද්දේ New Vivya ආයතනයයි.

“මෙවර සම්මාන සඳහා නාමයෝජනා වූ සහ අයදුම් කළ කාන්තාවන්ගේ ජයග්‍රහණ වල ගුණාත්මකභාවය ඉතාමත් ඉහළයි. ජයග්‍රාහිකාවන් තෝරාගැනීමේදී ඔවුන්ගේ වෘත්තීය ජීවිත වල ජයග්‍රහණ වලින් නොනැවතී, ඔවුන් නිසා අදාළ ක්ෂේත්‍රයන්ට සිදුවූ යහපත් බලපෑම් සහ, තම ආයතන වල සේවය කරන සෙසු  කාන්තාවන් වෙනුවෙන් ඔවුන් ඉටුකළ ඇති කාර්යභාරය වැනි සාධකත් අප සැලකිල්ලට ගත්තා.” 2021 සම්මාන වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ, John Keells Holdings සමාගමේ නීති, ලේකම් සහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය පැවසුවා ය.

විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නදීජා තම්බයියා මහත්මියට අමතරව Hayleys Agriculture Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, Dreamron සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස්, Daily FT හි නිර්මාතෘ-සංස්කාරක සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම්, Clootrack Sri Lanka/Maldives & Pakistan හි ප්‍රධාන විධායක නිලධාරී රොහන්ත අතුකෝරල, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ක්‍රමෝපායික අලෙවි වෘත්තීයවේදිනී සන්ධ්‍යා සල්ගාදු, KL.LK ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් මෙනන්, ශ්‍රී ලංකාවේ වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජුවෙල්, සහ Women in Work, IFC හි වැඩසටහන් කළමනාකාරිනී සේරා ට්විග් යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කළහ.

 

2021 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙළේ සම්මානලාභිනියන් හා සම්මානලාභීන්

ශ්‍රී ලංකාව      
කාණ්ඩය නම තනතුර සමාගම/ආයතනය/ සංවිධානය
මානව සම්පත් (මානව සම්පත්, මානව සම්පත් සංවර්ධන සහ කර්මාන්ත සම්බන්ධතා ඇතුළු අංශ) ඩිනාලි පීරිස් සමූහ මානව සම්පත් අධ්‍යක්ෂිකා MAS Holdings, MAS Capital (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා (Apparel Board)
බැංකු ක්ෂේත්‍රය (බැංකු වෘත්තිකයන්) කේෂිලා ජයවර්ධන සභාපති ජාතික ඉතිරිකිරීමේ බැංකුව
මූල්‍ය සේවා (මූල්‍ය වෘත්තිකයන්, විගණකවරුන්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරුවන් සහ ලීසිං) ඩිනාලි කැටිපෙආරච්චි උප සභාපති Aitken Spence Corporate Finance (පුද්.) සමාගම
අලෙවිකරණය සහ අලෙවිකරණ සන්නිවේදනය (විකුණුම්, සන්නාම, පාරිභෝගික සේවා, මහජන සම්බන්ධතා) කවීන්ද්‍රා රාජපක්ෂ උප සභාපති/ අලෙවි ප්‍රධානී Softlogic Life Insurance සමාගම
 නීති අම්බිකා සද්ගුණනාදන් මානව හිමිකම් නීතීඥ Open Society පදනම
රාජ්‍ය අංශය ග්‍රේස් ආසිර්වාදම් බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය
ආයතනික සන්නිවේදන මනීන්ද්‍රි බණ්ඩාරනායක ප්‍රධාන සන්නාමකරණ අලෙවි නිලධාරිනී ජනශක්ති සමූහය
ඩිජිටල් මාධ්‍ය තරින්දි තලහිටි නියෝජ්‍ය සංස්කාරිකා Pulse Derana
සැපයුම් දාම හා කාර්ය සම්පාදන ඩෙබ්රා දිසානායක සාමාන්‍යාධිකාරී – විකුණුම් Expolanka Freight පුද්. සමාගම
සත්කාරක කර්මාන්තය (සංචාරක සේවා, ආහාරපාන, ප්‍රවාහන, රැස්වීම් හා උත්සව, විනෝදාස්වාද යනාදී අංශ වලට අදාළ වෘත්තීන්) චන්ද්‍රා මදනායක කළමනාකාර අධ්‍යක්ෂිකා Fab Foods පුද්. සමාගම
කලා හා විනෝදාස්වාද ක්ෂේත්‍රය අනෝලි පෙරේරා කලාකාරිනියක් හා ලේඛිකාවකි  
ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. ඒ. දර්ශිකා කුමාරි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
ක්‍රීඩා නෙල්කා ශිරෝමාලා බොක්සිං තරගයක විනිසුරු ලෙස කටයුතු කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව (මෑතකදී පැවති ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී)  
අධ්‍යාපනය (පාසල්, අධ්‍යාපන ආයතන, සහ විශ්ව විද්‍යාල වැනි) මහාචාර්ය මංගලා ගුණතිලක සහකාර මහාචාර්ය/ මහාචාර්ය, කායික විද්‍යා අංශය, කළමනාකාර අධ්‍යක්ෂ

 

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, ශ්‍රී ලංකා රසායනාගාර සත්ත්ව විද්‍යා සංගමය

 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ මහාචාර්ය හිරණ්‍යා පීරිස් University College London (UCL) හි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, UCL Cosmoparticle වැඩසටහනේ අධ්‍යක්ෂ, ස්ටොක්හෝම්හි Oskar Klein Centre (http://www.okc.albanova.se/) for Cosmoparticle Physics හි අධ්‍යක්ෂ  
සෞඛ්‍ය ක්ෂේත්‍රය ආචාර්ය පද්මා ශ්‍රියානි ගුණරත්න සභාපති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසරේ නායිකාව විද්‍යා සිවරාජා කළමනාකාර අධ්‍යක්ෂ ෆොන්ටෙරා ශ්‍රී ලංකා සහ ඉන්දියා
වසරේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාව තුෂාරා විජේවර්ධන විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
වසරේ ආදර්ශමත් වෘත්තීය කාන්තාව තිලංකා අබේවර්ධන  ප්‍රධාන අලෙවි නිලධාරිනී – අග්නිදිග ආසියාව සහ නව වෙළඳපොළවල මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා
වසරේ ආදර්ශමත් ව්‍යාපාරික කාන්තාව ෆසීලා ධර්මරත්න හිමිකාරිනී CeeBees පෙරපාසල හා ළමා සුරැකුම් මධ්‍යස්ථානය සහ Creche Services
වෙනසක නියමුවා (පිරිමි) අජේ අමලියන් සම-නිර්මාතෘ-සභාපති MAS Holdings
වසරේ වෙනසක පුරෝගාමීත්වය දේවධර්මිනී සෙල්විකා සහාදේවන් විධායක අධ්‍යක්ෂ United Humanity
වසරේ ජාත්‍යන්තර වෘත්තීය කාන්තාව ආචාර්ය මහේෂි රාමසාමි සායනික වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව  බ්‍රිතාන්‍ය-ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සහ කථිකාචාර්යවරියකි. දැනට Oxford Vaccine Group හි ප්‍රධාන විමර්ශන නිලධාරිනියක ලෙස කටයුතු කරයි.
වසරේ ආදර්ශමත් කාන්තාව මහාචාර්ය නදීරා කරුණාවීර සභාපති සහ පරපෝෂිත විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය
වසරේ පුරෝගාමියා අරුණි ගුණතිලක සභාපති HNB බැංකුව
වසරේ වෙනසක පුරෝගාමියා රන්දුලා ද සිල්වා නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී GLX (Good Life X)
විනිශ්චය මණ්ඩලයේ සම්මානය ආචාර්ය වජිරා චිත්‍රසේන ප්‍රවීණ සාම්ප්‍රදායික නර්තන ශිල්පිනී සහ ආචාර්ය  
මුද්‍රිත මාධ්‍ය චාන්දනී කිරින්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී Sunday Times/Daily FT
විද්‍යුත් මාධ්‍ය චේතනා ලියනගේ සටන වැඩසටහන සිරස – මහරාජා සමූහ ව්‍යාපාරය
වෘත්තීය සාර්ථකත්වය ශානි කල්‍යාණරත්න කරුණාරත්න ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති  
  දේවිකා ඇල්ලේපොළ විකිණුම් කළමනාකාරිනී, වාණිජ මෙහෙයුම්, ශ්‍රී ලංකාව එමිරේට්ස් ගුවන් සේවය
  දර්ශිකා ජයසේකර ව්‍යපෘති අධ්‍යක්ෂ – නව කැළණි පාලම ව්‍යාපෘතිය  
  සුම්මයියා මාකන් මාකර් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන නීති, අනුකූලතා සහ පෞද්ගලිකත්ව නිලධාරිනී  
දේශීය/ජාත්‍යන්තර (ජාත්‍යන්තර ආයතනයක ප්‍රධානත්වය දරන ශ්‍රී ලාංකිකයා) සුහන්‍යා රෆෙල් කෞතුකාගාර අධ්‍යක්ෂ  
කාන්තාවන් සවිබලගැන්වීමේ ප්‍රවර්ධන වැඩසටහන NDB/සිරස ‘ශ්‍රී ලංකා වනිතාභිමාන’  
කාන්තාවන් සවිබලගැන්වීම – විශිෂ්ටතම රාජ්‍ය නොවන සංවිධානය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය හෝ ආයතනය ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන    
විශිෂ්ටතම ආයතනික සංස්කෘතිය සම්මානය (ස්ත්‍රී පුරුෂ සමානත්වය, අන්තර්කරණය සහ ගෞරවණීයත්වය සහිත රැකියා ස්ථානය) AIA Insurance Lanka සමාගම    
ආයතනයක් මගින් ක්‍රියාවට නංවන ලද විශිෂ්ටතම කාන්තා සවිබලගැන්වීම් ESG ව්‍යාපෘතිය Hirdaramani Apparel සමාගම WOW – The Wonders of Wellbeing වැඩසටහන  
Skills ආකල්ප සහ නිපුණතා සහිත ආදර්ශමත් කාන්තාව අසන්ති රුවන්මාලි ද සිල්වා කවිය , ගීතය, කෙටිකතාව, නව කතාව, සහ විචාරය ජීවිතයේ ගමන්මග කරගත් නව පරපුරේ දක්ෂ කලාකාරිනියක් සහ දුක දිනා ජීවිතය ජයගත් දිරිය කතකි. දෘශ්‍යාබාධිත පිහිනුම්කාරියකි/ ලේඛිකාවකි
වසරේ ආදර්ශමත් තරුණ ව්‍යවසායිකාව හර්ෂි මනමේන්ද්‍ර කළමනාකාර අධ්‍යක්ෂ Ishara Ventures (පුද්.) සමාගම
විශිෂ්ටතම ව්‍යවසායිකාව (මහා පරිමාණ සමාගම්) ශේයා වික්‍රමසිංහ සිලෝන් බිස්කට්ස් සමාගම  
විශිෂ්ටතම ව්‍යවසායිකාව (කුඩා පරිමාණ සමාගම්) කීර්තිකා තුශ්‍යාන්තා ටෙක්නෝ බ්‍රේන් ඉන්ටනැෂනල් පුද්. සමාගම  
විශිෂ්ටතම ව්‍යවසායිකාව (කුඩා පරිමාණ සමාගම්) අදීෂා දහනායක Double XL පුද්. සමාගම  
නැගී-එන ව්‍යවසායිකාව (සම්මාන 5 ක්) – උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම නයනතාරා විමලගුණ කොඩිතුවක්කු තාරා වෝටර්ගේට් හෝටලය  
නැගී-එන ව්‍යවසායිකාව (සම්මාන 5 ක්) – උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම පුලනි රණසිංහ Loons Lab (පුද්.) සමාගම  
වසරේ සමාජ ව්‍යවසායිකාව රුචිනි ලියනගේ Sundial’s  
නැගී-එන ව්‍යවසායිකාව (සම්මාන 5 ක්) – උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම ශාන්තිනී අහංගම Coconut Miracle (පුද්.) සමාගම  
නැගී-එන ව්‍යවසායිකාව (සම්මාන 5 ක්) – උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම ඩී. එම්. පොඩිමැණිකේ Bhagya Pan Production  
නැගී-එන ව්‍යවසායිකාව (සම්මාන 5 ක්) – උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම ජී. සිවජෝති ලක්ෂ්මි ප්‍රඩක්ට්  
මාලදිවයින      
වසරේ ආදර්ශමත් වෘත්තීය කාන්තාව UZA Aisha Shujune Muhammad ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු
වසරේ සාර්ථක වෘත්තීය කාන්තාව Aishath Jennifer Island Aviation Services සමාගම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ
Woman with a Cause සම්මානය Dr Fathimath Nazla Rafeeg සෞඛ්‍ය ආරක්ෂණ නියෝජිතායතනය වෛද්‍ය නිලධාරිනී (ප්‍රධානී – බෝවන රෝග පාලන අංශය)
වසරේ ආදර්ශමත් කාන්තාව Maimoona Aboobakuru සෞඛ්‍ය ආරක්ෂණ නියෝජිතායතනය අධ්‍යක්ෂ ජෙනරාල්
පරිසර හිතකාමීත්ව සම්මානය Aishath Hudha Ahmed ස්වාධීන පරිසර උපදේශිකා  
වසරේ ව්‍යවසායිකාව Abidha Ismail Ali Designer Fabrics  

 

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) පිළිබඳව

කාන්තාවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු කාන්තා කළමනාකරණ ආයතනය, සුවිශේෂී සාමූහික පදනමක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වෘත්තික හා ව්‍යවසායක කාන්තාවන් එකමුතු කරමින්, ජාත්‍යන්තර තලය ජයගැනීම සඳහා ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට කටයුතු කරයි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:

www.womeninmanagementawards.org/

www.womeninmanagement.org/

www.facebook.com/SLWIM/

www.twitter.com/WomeninManageme

www.linkedin.com/in/women-in-management-sri-lanka

 

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පිළිබඳව

ලෝක බැංකු සාමාජිකයෙකු වන – ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව – යනු නැගී එන වෙළඳපොළ සම්බන්ධයෙන් පුද්ගලික අංශය වෙත අවධානය යොමුකර ඇති ලෝකයේ විශාලතම සංවර්ධන ආයතනයයි.  අපගේ ප්‍රවීණතාව සහ අනුබලය යොදා ගනිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳපොල සහ අවස්ථා නිර්මාණය කිරීමෙහි ලා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක අප කටයුතු කරනු ලබයි. 2021 මූල්‍ය වර්ෂය තුළදී,  COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරමින් සැමට සෞභාග්‍ය උදා කරලීම සහ දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් යුතුව පෞද්ගලික අංශයේ ශක්තිය  ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ඩොලර් බිලියන 31.5ක් ආයෝජනය කර ඇත. වැඩි විස්තර සඳහා  www.ifc.org වෙත පිවිසෙන්න.

 

අප හා සම්බන්ධ වන්න:

www.facebook.com/IFCwbg

www.twitter.com/IFC_org

www.youtube.com/IFCvideocasts

www.instagram.com\ifc_org

www.ifc.org/southasia

www.facebook.com/IFCsouthasia

www.twitter.com/IFC_SouthAsia

 

 

 

Hot Topics

Related Articles