ශ්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය මෙන්ම ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ සමාගම වන කප්රුක, ‘Soldout.lk’ යන උප-සන්නාමය යටතේ පාවිච්චි කළ භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ගැනුම්කරුවන් හා විකිණුම්කරුවන් සම්බන්ධ කිරීමට අමතරව මෙමගින් ඇණවුම් සපුරාලීම සහ ගැනුම්කරුවන් මිලදී ගන්නා භාණ්ඩ ඔවුන් වෙත ගෙනගොස් භාරදීම වැනි සේවාවන්ද ලබාදෙනු ඇත. එමෙන්ම මෙම වෙබ් අඩවිය, මෙරට රථවාහන සහ දේපළ විකිණීමේ කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලොව පාවිච්චි කළ භාණ්ඩ අලෙවිය සඳහා බෙහෙවින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන ‘Craigslist’ වෙබ් අඩවියට සමානව ‘Soldout.lk’ වෙබ් අඩවිය නිර්මාණය කෙරෙනු ඇත. මෙහි කාර්යක්ෂමතාව තවත් වැඩිකිරීම සඳහා බිම් මට්ටමින් නව අලෙවි ජාලයක් ස්ථාපිත කිරීමටද කප්රුක සමාගම සැලසුම් කර තිබේ.
ළඟදීම සිදුකිරීමට නියමිත තම මූලික මහජන කොටස් නිකුතුව මගින්, ‘Soldout.lk’ වෙබ් අඩවිය ඇතුළු තම අනාගත සැලසුම් සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමට කප්රුක සමාගම අපේක්ෂා කරයි. COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව තම අවශ්‍යතා සඳහා අන්තර්ජාලය ඔස්සේ පාවිච්චි කළ භාණ්ඩ මිලදී ගැනීමට බොහෝ දෙනෙකු පෙළඹුණු අතර, එවැනි තත්ත්වයක් හමුවේ ‘Soldout.lk’ වැනි වෙබ් අඩවියක් හඳුන්වා දීම අතිශයින් කාලෝචිත පියවරක් වනු ඇත.
Kapruka Holdings Limited හි පූර්ණ අයිතිය යටතේ පවතින Kapruka E-commerce (පුද්.) සමාගම යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ඒකකයක් වශයෙන් Soldout.lk ආරම්භ වනු ඇති අතර, ඉන් අනතුරුව එය ක්‍රමානුකූලව ස්වාධීන ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත වේ. 2022 වසරේ ආරම්භයේ සිට මීට අදාළ කටයුතු සඳහා තම මූලික මහජන කොටස් එකතුවෙන් ලැබෙන අරමුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ආයෝජනය කිරීමට කප්රුක සමාගම අපේක්ෂා කරයි.
Soldout.lk වෙබ් අඩවිය සහ, කප්රුක සේවාවන් සම්බන්ධ අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් එහි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතා මෙසේ පැවසී ය. “Soldout.lk ව්‍යාපෘතියේ ආරම්භය අප ප්‍රකාශයට පත්කරන්නේ ඉමහත් සතුටින්. මෙය ශ්‍රී ලංකාවේ පාවිච්චි කළ භාණ්ඩ වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇතැයි කියා අප සිතනවා. මඳක් භාවිතා කළ භාණ්ඩ වලින් අලුත් භාණ්ඩ වලට සමානවම ප්‍රයෝජන ලබාගත හැකිව තිබියදී, අලුත් භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවිය යුත්තේ ඇයිද යන ප්‍රශ්නය මූලික කරගෙන ‘Soldout.lk’ ව්‍යාපෘතිය ආරම්භ වුණා. මේ ඔස්සේ බොහෝ දෙනෙකුට, සහනදායී මිලකට තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකියාව ලැබේවි. එමෙන්ම සෑම දෙයක්ම අලුතින් මිලදී ගනු වෙනුවට පාවිච්චි කළ භාණ්ඩ නැවත භාවිතයට ගැනීම පරිසර හිතකාමී පියවරක්ද වනවා. මෙය අපගේ මූලික මහජන කොටස් නිකුතුවෙන් ඔබ්බට විහිදෙන අපගේ දීර්ඝකාලීන ආයෝජන සැලසුමේ කොටසක්. පාරිභෝගිකයන්ට සහනදායී මිලගණන් යටතේ වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, සියලුම පාර්ශ්වකරුවන් සඳහා වඩාත් ඉහළ ආර්ථික වටිනාකම් නිර්මාණය කිරීමට අප සතු හැකියාව වැඩිදියුණු කරගැනීම අපගේ මූලික අරමුණයි. ලොව දැවැන්ත ව්‍යාපාරයක් වන Craigslist ආදර්ශයට ගනිමින් නිර්මාණය කෙරෙන Soldout.lk, ශ්‍රී ලංකාවේ පාවිච්චි කළ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ කර්මාන්තය සම්පූර්ණ පෙරළියකට ලක්කිරීමට ඉඩ තිබෙනවා. එම පෙරළිය දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවෙන්.”
2002 වසරේදී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස, ඇමරිකානු ඩොලර් 1,000 කට අඩු ප්‍රාග්ධනයක් සමගින් දුලිත් හේරත් විසින් ආරම්භ කරන ලද කප්රුක, මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත්-වාණිජ ව්‍යාපාරය බවට පත්වී තිබේ. කිසිදු බාහිර ආයෝජකයෙකුගෙන් තොරව එය රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුත් ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. පූර්ණ විද්‍යුත් වාණිජ ආකෘතියක් සහිතව එය දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් රාශියක් වෙත සේවාවන් සපයයි. මේ වනවිට එම සමාගම Amazon, IKEA, සහ eBay වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගම් වල පිළිගැනීමටද ලක්වී තිබේ. එමෙන්ම කප්රුක නිසා දේශීය නිෂ්පාදකයන් හා අලෙවිකරුවන් රාශියකට තම නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් අලෙවි කරගැනීමට අවස්ථාව ලැබී ඇත. 500 කට අධික පිළිගත් අලෙවිකරුවන් පිරිසක් සමග අත්වැල් බැඳගෙන සිටින කප්රුක වෙබ් අඩවියෙහි භාණ්ඩ වර්ග 135,000 කට වැඩි ප්‍රමාණයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර ඇති අතර, එය ගැනුම්කරුවන් මිලියන 1.1 කට අධික පිරිසක් වෙත සේවාවන් සලසයි.