உலகம்

ළමා හිංසනයට තිත පදනම දරුවන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත් කිරීමට #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය දියත් කරයි

 

ළමා දිනය සැමරීමට නවතම ප්‍රවේශයක් වෙත යොමු වෙමින්, ළමා හිංසනයට තිත පදනම (SCC) පොදු වැඩසටහන් මගින් දරුවන්ගේ මූලික අයිතීන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘#ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය’ ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරයෙහි ප්‍රධාන අරමුණක් නම්, විශේෂයෙන්, පාසල් තුළ ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම නීති විරෝධී හා ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක් වශයෙන් සලකා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ‍තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව යොමුකරවීමයි. මෙම අරමුණ ශක්තිමත් කිරීම පිණිස, ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්‍ෂණ සන්ධානය පිහිටුවීම සඳහා ළමා හිංසනයට තිත පදනම, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳ ගනියි.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම අතත්‍ය වැඩසටහනෙහි වඩාත් කැපී පෙනෙන අංගය නම්, #ඉලක්කමක්පමණයි ළමා ආරක්‍ෂණ මාසය වෙනුවෙන් එහි පළමු කර්තව්‍යය ලෙසින්, ජාතික චිත්‍ර හා කථික තරගය පිළිබඳව හඳුන්වා දීමයි. රටේ ළමා ආරක්‍ෂණ අර්බුදය පිළිබඳව තම දැක්ම හුවමාරු කර ගැනීමට සහ තම සුභසාධනයට අදාළ තීරණ ගැනීමට සෘජුවම ළමුන් සම්බන්ධ වීම දිරිමත් කිරීම පිණිස, වේදිකාවක් සැකසීම මෙම තරගාවලියෙහි අරමුණ වේ. තරග පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.facebook.com/groups/211381800981039 වෙත පිවිසෙන්න.

 

#ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළමා හිංසනයට තිත පදනමෙහි සභාපතිනි, වෛද්‍ය තුෂ් වික්‍රමනායක මෙලෙස සඳහන් කළාය. “අපේ රටේ ළමා අපයෝජන පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමත් සමග දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමට නොහැකිව අදාළ බලධාරීන් දුබල  වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ළමා ආරක්ෂණය සාමූහික සමාජ වගකීමක් වන අතර, දරුවා අයීතීන් දරන්නකු ලෙස හඳුනා ගැනීමට අවැසි  දැනුම හා ක්‍රියාකාරකම් ඉහළ නැංවීම පිටුපස සිටින ප්‍රධාන බලවේගය බවට පත් වීමට ළමා හිංසනයට තිත පදනම කැප වී සිටිනවා.”

 

ඉකුත් වසර ඇතුළත, ශ්‍රී ලංකාවේ ළමුන් පස් දෙනකු ශාරීරික හා ලිංගික හිංසනයට ලක් ව ඝාතනය කෙරිණි. දශක තුනකට පෙර ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිළිබඳ සම්මුතියට (UNCRC) අත්සන් තබා තිබියදී හා ළමයින්ට එරෙහි හිංසන නැවැත්වීම සඳහා වූ තිරසාර සංවර්ධන ඉලක්ක 16.2 වෙනුවෙන් කැප වූ එකම දකුණු ආසියාතික රට බවට ශ්‍රි ලංකාව පත්ව තිබියදීත්, තවමත් රට තුළ ජාතික ළමා ආරක්ෂණ රාමුවක් නොමැත.

මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අදහස් දැක්වූ  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිණිස පුරෝගාමී වූ චරිතයකි. 1991 දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කිරීමෙන් අනතුරුව, 1996 දී ළමුන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 308A වගන්තිය සංශෝධනය කිරීමද, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම මෙන්ම, පාසල්වල ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ සංශෝධනය ද ඇය සිදු කළාය.

 

සිය පාලන කාලය තුළ විශේෂ ළමා ආරක්‍ෂණ කාර්ය සාධක බලකාය ලැබූ විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කරමින් කුමාරතුංග මහත්මිය අවධාරණය කළේ, රාජ්‍ය නොවන ආයතන හා සහයෝගයෙන් කටයුතු කීරීම මගින් ගැටලුව දේශපාලනීකරණය නොකර, ළමා ආරක්ෂණ අර්බුදය රජයේ බලධාරීන් ඵලදායි ලෙස විසඳා ගත යුතු බවයි. “ළමා ආරක්ෂණය, සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ මිම්මක්  වන අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන ළමා ආරක්ෂණ අර්බුදයට විසඳුම් සෙවීම පිණිස, ළමා හිංසනයට තිත පදනම විසින් ළමා ආරක්ෂණ සන්ධානය පිහිටුවීමට දරන ප්‍රයත්නය මම අගය කරනවා.” යැයි කුමාරතුංග මහත්මිය පැවසුවාය. ජාතික චිත්‍ර හා කථික තරගයේ විනිසුරුවරිය ලෙස කටයුතු කරන්නේ ද ඇයයි.

 

 

නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මෙම වැඩසටහනෙහි මූලාසනයේ කතාව පැවැත්වූවාය.  කාන්තා හිංසනය දුරලීම සහ ළමුන්ට එරෙහි හිංසන නැවැත්වීම පිණිස වූ ගෝලීය හවුල්කාරිත්වයේ හිටපු සාමාජිකාවක් ලෙස මහාචාර්ය ගුණසේකර ළමා ආරක්‍ෂණ ප්‍රතිසංස්කරණ සඳහා නීතී හා ප්‍රතිපත්ති සම්පාදනයෙන් සක්‍රීයව දායක වී තිබේ.

 

ළමා හිංසනයට අනුබල දෙන අදාළ බලධාරීන්ගේ හිතෝපදේශ වාචිකව ප්‍රතික්ෂේප කිරීමෙන් සහ ළමුන් හා එක්ව, ළමා හිංසනයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, නිර්මාණාත්මක උපාය මාර්ගයක් විය හැකි අතරම, ඇතැම් විට ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට ඇති එකම ඵලදායී ක්‍රමයද එයයි.

 

#ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය සැමරීම නිමිත්තෙන්,  2021 ඔක්තෝම්බර් 1 වෙනි දින සිට 2021 නොවැම්බර් 20 දක්වා සෑම සති අන්තයකම පැවැත්වෙන අන්තර්ජාල සංසද මාලාවක් ඇතුළුව වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය. ඉදිරි වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන වීම සඳහා  www.facebook.com/stopchildcruelty වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය වෙනුවෙන් මැදිහත් වීමට කැමති පිරිසට www.stopchildcruelty.com හෝ info@stopchildcruelty.com වෙත පිවිසිය හැකිය.

Previous articleStop Child Cruelty Trust Launches #JustANumber Child Protection Month to Increase Awareness on Child Rights Encourages children to reflect on their welfare via National Art and Speech Competition Taking a novel approach to commemorate Children’s Day, Stop Child Cruelty Trust (SCC) launched the ‘#JustANumber Child Protection Month’ to increase awareness of the fundamental rights of children through various public programmes. One of the key objectives of this advocacy campaign is to compel the Parliament to change the Penal Code on Cruelty to Children, especially following the Supreme Court’s recognition of corporal punishment of children by schools as unlawful and a violation of a child’s right. To bolster this purpose, SCC will also join hands with like-minded Civil Society Organisations and Non-Governmental Organizations to form Sri Lanka’s first ever Child Protection Alliance. The highlight of the virtual event was the introduction of the first initiative taken under the #JustANumber Child Protection Month – a National Art and Speech Competition. The competition aims to create a platform for children as young as 6 years up to 18 years to share their own, unique perspective on the country’s child protection crisis and encourage them to directly get involved in the decision making related to their welfare. For more details regarding the competition, please visit www.facebook.com/groups/211381800981039. Commenting on the purpose behind the #JustANumber Child Protection Month was Chairperson of Stop Child Cruelty Trust, Dr. Tush Wickramanayaka. “Even with the unprecedented rise in child abuse on our paradise island, the relevant authorities appear to be crippled in their efforts to protect and promote our children’s rights. Child protection is a collective social responsibility and Stop Child Cruelty is fully committed to becoming the powerful force behind increasing knowledge and engagement to empower Sri Lankans across the country to recognise the child as a rights holder.” During the past year, there were five children who were physically and sexually abused to death in Sri Lanka. Despite having signed the United Nations Convention of the Rights of the Child (UNCRC) three decades ago and being the only South Asian country committed to Sustainable Development Goal 16.2 to end violence against children, the country still lacks a national child protection framework. Addressing the event as the Chief Guest was former President of Sri Lanka, Hon. Chandrika Bandaranaike Kumaratunga – a pioneering figure in implementing child protection legislation in Sri Lanka. After signing the UNCRC in 1991, she authorised amendments to the Penal Code 308A Cruelty to Children in 1996, established the Child Protection Authority in 1998, and approved the Ministry of Education Circular 17/2005 to ban corporal punishment in schools in 2005. While reflecting on the tremendous achievements of the special Child Protection Task Force of experts during her tenure, Mrs Kumaratunga reiterated that Government authorities should resolve the child protection crisis effectively without politicising matters by working cohesively with Non-Governmental Organizations. “Child protection is the ultimate measurement of the level of civilization in a society and I applaud the efforts of Stop Child Cruelty Trust in establishing the Child Protection Alliance to find solutions to the current child protection crisis in Sri Lanka,” she stated. Hon. Kumaratunga will also be the judge of the National Art and Speech Competition. Professor Savithri Goonesekere, Emeritus Professor of Law and former Vice Chancellor at the University of Colombo was the keynote speaker at the event. As a former member of the Committee on the Elimination of Discrimination against Women and the Global Partnership to End Violence Against Children, Prof. Goonesekere has been actively contributing towards legal and policy child protection reforms. “Strengthening law enforcement by rejecting the proverbial rhetoric by relevant authorities and responding to child cruelty by engaging with children is a creative strategy and perhaps the one effective way to address Sri Lanka’s child protection crisis.” The #JustANumber Child Protection Month will be hosting a range of events including a series of online forums that will take place every weekend from the 1st of October until the 20th of November 2021. To stay updated regarding the upcoming activities under the campaign and other events, visit www.facebook.com/stopchildcruelty. Those interested in getting involved towards the protection of children in Sri Lanka can visit www.stopchildcruelty.com or email info@stopchildcruelty.com.
Next articleUnilever Sri Lanka’s Horana Factory Recruits First Ever Female Workforce

Hot Topics

Related Articles