உலகம்

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නිල ඩිජිටල් සහකරු ලෙස Daraz පත්කෙරේ.

දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ අඩවිය වන Daraz ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ජාතික ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම වෙත අනුග්‍රාහක දායකත්වයක් එක්කොට ඇතිබව පසුගියදා නිවේදනය කරන ලදී  Delivering Dreams’ තේමාව පෙරටුකොටගෙන ජාතික ඔලිම්පික් කමිටුව සමග ඉතා සමීපව කටයුතු කරනු ලබන Daraz ශ්‍රී ලංකා, ජාතික ඔලිම්පික් කණ්ඩායමේ නිල ඩිජිටල් සහකරු ලෙස අනුග්‍රාහකත්වය දැක්වීම යටතේ ශ්‍රී ලාංකීය ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සිහින ජාතික මට්ටමේ බලාපොරොත්තුවක් දක්වා ගෙනයාම අපේක්ෂා කරයි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය සවිබලගන්වන්නට Daraz ‘ කටයුතු කරනුයේ හුදෙක් ජයග්‍රහණ පසුපස හඹා යන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම පමණක් අරමුණු කරගනිමින් නොවේ. ක්‍රීඩාවන් හි නියැලීම හරහා අත්වන සාමාජීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීමටත් අභියෝග හමුවේ ධෛර්යසම්පන්න ලෙස ක්‍රියාකාරීවන ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවක් ගොඩනැංවීමත් Daraz ‘ ඒ හරහා අපේක්ෂා කරයි. ජාතික මට්ටමේ දස්කම් දක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජාත්‍යන්තරය හමුවට රැගෙන යන්නට අත්වැලක් වෙමින් Daraz ‘‘ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබන්නට වෙහෙසෙන අතර ක්‍රීඩාලෝලී ශ්‍රී ලාංකිකයන්ට අභිමානවත් බලාපොරොත්තුවක්ද ඒ සමග රැගෙන එයි.

ජාතික ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම වෙත අනුග්‍රාහක දායකත්වය එක් කිරීම පිළිබඳ අදහස් දැක්වූ Darazශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා ර්‍ණෘ්ර්‘ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත්ව ස්ථාපිත වෙමින් පවතින මොහොතක ශ්‍රී ලාංකිකයන්ව ශක්තිමත් කිරීමේ යුතුකම ක්‍රියාත්මක කරමින් අපි ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ සිහින හඹා යන්නට දිරිගන්නට අත්වැලක් වෙන්නට සූදානම්. ක්‍රීඩාව හා විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය අතර තිබූ පරතරය ළං කරමින් ශ්‍රී ලංකාවට නැවතත් ඔලිම්පික් කීර්තියක් අත්කරදෙන්නට ක්‍රීඩකයන් දිරිගන්වමින් අප මෙම අනුග්‍රාහකත්වය ලබා දුන්නා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකා, ජාතික ඔලිම්පික් කණ්ඩායමේ නිල ඩිජිටල් සහකරු ලෙස Daraz ඉදිරියේදී විද්‍යුත් ශ්‍රී ලාංකීය වාණිජ ක්ෂේත්‍රය හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ එකමුතුවෙන් සුවහසක් ශ්‍රී ලාංකිකයන් ප්‍රබෝධමත් කරවීමෙහිලා වැඩසටහන් රැසක් දියත් කරන්නට අපේක්ෂා කරයි.

Hot Topics

Related Articles